Wednesday, January 15, 2025

General line - 0115112241

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිල්ලවල ප්‍රදේශයේ  නිවාස දෙකක් නාය යයි 




ඊයේ සවස ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිල්ලවල ප්‍රදේශයේ  මාවතේ නිවාස දෙකකට පස් කන්දක් කඩා වැටි තිබෙනවා.

මෙම නාය යාම හේතුවෙන් එම ස්ථානයේ තිබු ගල් බැම්මක් සහ මාර්ගයේ විදුලි කණුවක් ද කඩා වැටී තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

විදුලි රැහැන් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර එම අවස්ථාවේ කිසිවෙකු අසළ නොසිටීම හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.