Wednesday, January 15, 2025

General line - 0115112241

අටලුගම නීති විරෝධී ගව ඝාතකාගාරයක් පොලිසිය වටලයි




බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය කිරීමට නියමිතව සිටි මී ගව පැටවුන් දෙදෙනෙකු සහ ගව මස් කිලෝ 39 යි ග්‍රෑම් 950 ක් ද පොලිස් භාරගයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.