රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන මහතා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලය අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වර්ජනයේ නිරත පිරිස සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද පෙරවරුවේ රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විරෝධතාවක ද නිරත වුණා.
එහිදී අදහස් දැක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය සංගමයේ සභාපති සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උපලේකම් ආචාර්ය මංජුල ද සිල්වා මහතා.
සිය ගැටලුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙතද මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි ආචාර්ය මංජුල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.