Wednesday, January 15, 2025

General line - 0115112241

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල




ඉරානය සහ සෞදි අරාබිය වෙත පළා යාමේ අදහසින්, සිය වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු කටුනායක පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ආඩිඅම්බලම, කෝවින්න ප්‍රදේශයේ සංචාරක හෝටලයක්දීයි. 

වයස අවුරුදු 20 ත් - 30 ත් අතර පසුවන එම සැකකරුවන් ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිට තිබෙනවා. 

වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලිසියට සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.