Wednesday, January 15, 2025

General line - 0115112241

දොඩංගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

සම්පත් කුලරත්න




දොඩංගොඩ විල්පාත, අමුගොඩ පාර ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසනවා. 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. 

නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලිසිය පැවසුවා. 
 

පොලිස් වාර්තාවලට අනුව වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ අද අළුයම 01යි 50ට පමණයි. 

ඒ අවස්ථාවේ පියා මව සහ වැඩිමහල් පුත්‍රයා නිවසේ රැදී සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

එම නිවසේ බාල පුත්‍රයාට මැර තර්ජන තිබී ඇති අතර ඔහු ඒ බව නිවසේ දෙමාපියන්ට සහා සහෝදරයන්ට සහෝදරයන්ට ප්‍රකාශ කර ඇති බවද සඳහන්. 

මේ වන විට ඔහු සිය බිරිඳ සමග රුමේනියා රාජ්‍යයේ රැකියාවකට ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. 

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. 
 

වෙඩි ප්‍රහාරය පිස්තෝලයකින් සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරු ඇති බවද පොලිසිය සදහන් කළා. 

කළුතර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා තිබුණා. 

දොඩංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.