Monday, December 23, 2024

General line - 0115112241

අමාත්‍යංශ 16 කට නව ලේකම්වරුන් - අධ්‍යාපන, විදේශ ඇතුළු අමාත්‍යංශ කිහිපයක වෙනස් වීම්




නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ 16 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීම අද සිදු කෙරුණා. 

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. 

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී. පී. සපුතන්ත්‍රි මහතා නැවත වරක් පත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල ලේකම් ධූරයට නැවත වරක් පත් කර ඇත්තේ ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු මහතායි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. 

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නැවත වරක් පත් කර ඇත්තේ කේ. එම්. එම්. සිරිවර්ධන මහතායි. 

තිලකා ජයසුන්දර මහත්මිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස පත් කර තිබෙනවා. 

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඒ. එම්. පී. එම්. වී. අතපත්තු මහතායි. 

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. 

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නැවතත් පත් කර ඇත්තේ එච්. එස්. එස්. තුයියකොන්තා මහතායි.    

රවී සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. 

රංජිත් ආරියරත්න මහතා පත් කර ඇත්තේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි. 

මහාචාර්ය උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නැවතත් පත් කර තිබෙනවා. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ එස්. ආලෝක බණ්ඩාර මහතාවයි. 

කම්කරු අමාත්‍යංශ ලේකම් ධූරයට එස්. එම්. පියතිස්ස මහතා පත් කර තිබෙනවා.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඒ. විමලේන්තිර රාජා මහතාවයි. 

කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඩී. පී. වික්‍රමසිංහ මහතා නැවත වරක් පත් කර තිබෙනවා. 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ කේ. එම්. ජී. එස්. එන්. කලුවැව මහතායි. 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ඒ. එච්. එම්. යූ. අරුණ බණ්ඩාර මහතා පත් කර තිබෙනවා. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි රණරාජා මහත්මිය පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. .