ඉමදූව, අහංගම මාර්ගයේ දික්කුඹුර ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අහංගම දෙස සිට ඉමදූව දෙසට ධාවන වූ ත්රීරෝද රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් ධාවන වූ ලොරි රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරා සහ එහි පසුපස අසුනෙහි ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු අහංගම රෝහලට ඇතුළත් කෙරුණා.
එහි ප්රතිකාර ලබමින් සිටියදී ත්රීරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු අහංගම, ගොන්නගහහේන ප්රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.