Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දීය කෝටිපති අදානිට අමෙරිකාවෙන් අධි චෝදනා




ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිට අමෙරිකා එක්සත් ජනපදය මූල්‍ය චෝදනා එල්ල කර තිබෙනවා. 

ඒ, ඔහු අමෙරිකාවේ මුදල් රැස් කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සඟවා තැබූ බවට චෝදනා කරමින්. 

ඒ අනුව ඔහුට එරෙහිව අමෙරිකාව ඊයේ අධි චෝදනා ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධිචෝදනා පත්‍රයේ, සඳහන් වන්නේ වසර 20ක් පුරා ඩොලර් බිලියන 2කට වඩා වැඩි ලාභයක් ලබා ගැනීමට ඔහු අපේක්ෂා කරමින් මෙම සැලසුම සකස් කර ඇති බවයි. 

ඒ, අදානිගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීම හරහායි. 

ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිගේ සමාගම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.