Monday, December 23, 2024

General line - 0115112241

අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවට ඊශ්‍රායල අගමැතිගේ විරෝධය




තමාට සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් එල්ල කල වරෙන්තු සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය විරෝධය පළ කර තිබෙනවා. 

ඒ යුධ අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්. නෙතන්යහු පවසන්නේ මෙම ප්‍රහාර සිවිල් වැසියන් ඉලක්ක කර සිතාමතා  සිදු කල බවට එල්ල කරන ලද චෝදනා අසත්‍ය බවයි. ඊශ්‍රායල අගමැති කාර්යාලය ද එම වරෙන්තු ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් මෙම වරෙන්තු බලාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි සාමාජික රටවල් 124 වෙත පැවරෙනු ඇති බවට සඳහන්. 

මෙලෙස ඊශ්‍රායලය විසින් සිදු කළ බව කියන සමූල ඝාතන, ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගැනීම් සහ ස්ත්‍රී දූෂණ ඇතුළු යුද අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා. 

මීට අමතරව සිවිල් වැසියන්ට සිතාමතාම ප්‍රහාර එල්ල කිරීම සහ සාගින්න යුද අවියක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන්ද ඊශ්‍රායලයට චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය