Monday, January 13, 2025

General line - 0115112241

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ




විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පත් කර තිබෙනවා. 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී මහචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා වෙත පත්වීම් ලිපිය පිළිගන්වනු ලැබුවා. 

කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්. 

අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇති ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට හිමිකම් කියන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.