Monday, January 13, 2025

General line - 0115112241

මන්ත්‍රී අර්ජුනාට එරෙහිව පැමිණිල්ලක්




පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාට එරෙහිව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ, එම මන්ත්‍රීවරයා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම්දෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවී සිටියා. 

එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස ප්‍රකාශයක් සිදු කර තිබුණා.