Monday, January 13, 2025

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් ආරාධනයක්




එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු‍ රාජ්‍ය සේවකයන්ට තමන් ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ  අතර, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදීද විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අද වැඩ භාරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.