Monday, January 13, 2025

General line - 0115112241

තුන් වන සමාලෝචනයට ෂඵත්‍ අනුමැතිය - ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් ලබා ගැනීමට අවස්ථාව





ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ 03 වෙනි සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව සිව්වන වාරිකය ලෙස ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෲවර් මහතා නායකත්වය දුන් අතර ඔවුන් මෙරට නොවැම්බර් 17 වනදා සිට රැඳී සිටිනවා. 

2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකම මාස 48ක් පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව සඳහා අනුමත කළා.