Monday, January 13, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට අලුතෙන් නාම යෝජනා කැඳවන්නැයි ශ්‍රීලනිපය කියයි




ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාම යෝජනා පත්‍ර අවලංගු කර යළි නාම යෝජනා කැඳවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් ලක්ෂය පවසනවා. 

එහි සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ එම නාම යෝජනා පත්‍ර අවලංගු කිරීම සඳහා වත්මන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.