Monday, December 23, 2024

General line - 0115112241

සහල් ටොන් 50,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට බංග්ලාදේශය සැරසෙයි




රටේ ආහාර තොග ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශයේ අන්තර්වාර රජය තවත් සහල් ටොන් 50,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

බංග්ලාදේශ ඩකා මහලේකම් කාර්යාලයේ පැවති මිලදී ගැනීම් පිළිබඳ රජයේ උපදේශක කමිටුවේ රැස්වීමේදී මුදල් උපදේශක සලේහුදීන් අහමඩ් මේ සම්බන්ධයෙන් යෝජනාවක් අනුමත කර ඇතැයි සඳහන්.

ආහාර අමාත්‍යාංශය සහල් ටොන් එකකට ඩොලර් 471.6 ක මිලකට ඉන්දියාවේ SAEL Agri Commodities Ltd හරහා ආනයනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර නොවැම්බර් 6 වැනිදා සහල් ටොන් 50,000ක් ඉන්දීය එන්ටර්ප්‍රයිස් පට්ටාභි ඇග්‍රෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් හරහා ටොන් එකකට ඩොලර් 477 බැගින් ආනයනය කිරීමට කමිටුව අනුමැතිය ලබාදී තිබෙනවා