Monday, January 13, 2025

General line - 0115112241

මාදුරු ඔයේ ජල මට්ටම මහ ගං වතුර මට්ටමක් දක්වා ඉහළට




පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මාදුරු ඔයේ ජල මට්ටම පදියතලාව ප්‍රදේශයෙන් මහා ගං වතුර මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බවයි අද උදෑසන 09.30 ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ගංඟා පිළිබඳ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ. 

මහවැලි ගඟෙහි ජල මට්ටමද මනන්පිටිය ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතිනවා. 

මහවැලි ගඟෙහි ජල මට්ටම පේරාදෙණිය ප්‍රදේශයෙන් ද අවදානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

යාං ඔයේ ජල මට්ටමද හොරෙව්පතාන ප්‍රදේශයෙන් ගං වතුර පිළිබඳ අවදානම් මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.