Monday, January 13, 2025

General line - 0115112241

මහනුවර, දවුලගලදී පැහැරගත් පාසල් සිසුවිය ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි




දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ සිද්ධියට අදාල වෑන් රථය පැදවූ රියදුරු සහ වෑන් රථය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

අදාල පාසල් සිසුවිය පැහැරගත් පුද්ගලයා ඇයගේ ඥාති සහෝදරයෙකු වන බවයි පොලිසිය විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පාසලට යාම සඳහා යෙහෙළියක් සමඟ දවුලගල නගරයට යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා පෙරවරුවේ එම පැහැර ගැනීම සිදුකර තිබෙනවා. 

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින පුද්ගලයා රුපියල්  ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩු කර තිබෙනවා. 

සිසුවියගේ පියා සතු වෑන් රථය ද ඉල්ලා ඇති ඔහු රුපියල් ලක්ෂ 02ක මුදලක් සිය ගිණුමට බැර කරන ලෙස දැනුම්දී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

ඒ අනුව සිසුවියගේ පියා විසින් රුපියල් 50,000ක මුදලක් අදාළ පුද්ගලයාගේ ගිණුමට බැරකර තිබෙනවා.