Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ටෙස්ට් ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි




දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 42කට දැවී ගියා. 

ඒ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වෙමින්. 

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු  කණ්ඩායමේ සියලු පිතිකරුවන් අද ලකුණු 191කට දැවී ගියා. නායක ටෙන්බා බවුමා ලකුණු 70යි. 

අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 03ක් සහ ලහිරු කුමාර ලකුණු 70කට කඩුලු 03ක් දවා ගත්තා. 
ඉන් අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 42කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. 

කමිඳු මෙන්ඩිස් ලකුණු 13යි. ලහිරු කුමාර නොදැවී ලකුණු 10ක් රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ශ්‍රී ලංකා පිතිකරුවන් 05 දෙනෙකුම දැවී ගියේ ලකුණු නොලබායි. 

දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු එලෙස ලකුණු නොලබා දැවී ගියා.  

පන්දු යැවීමේදී මාර්කෝ ජැන්සන් ලකුණු 13කට කඩුලු 07ක් දවා ගත්තා. 

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී  ලකුණු 47ක් රැස්කරගෙන සිටියා.