ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මැතිතුමන් මෙරට සිය තානාපති සේවයේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා එතුමන්ගේ නිල නිවසේදී සුහද හමුවක් සංවිධානය කර තිබුනා.
මෙම සුහද හමුව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහබාගි වී විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මැතිතුමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුහද කතාබහක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා තාක්ෂණික ඉලක්ක මෙන්ම දෙරට අතර ශක්තිමත් සබඳතාවන් සඳහා අවශ්‍ය සහයෝගීතාව ඉදිරියේදීත් ලබා දීමට කැපවන බව පවසා සිටියා.
තවද බෞද්ධ දර්ශනය ප්‍රමුඛ කරගත් මිත්‍ර රටවල් ලෙසින් එම දර්ශනය අනූව යමින් ලෝක සාමය ඇතිකිරීම සදහා විශේෂ කාර්යභාරයක් දෙරටට සිදු කළ හැකි බවද පැවසුවා.
එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ 1951 සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රකාශනයෙන් ඇරඹි අද දක්වාම කිසිදා නොබිඳුණු අපගේ මිත්‍රත්වය සිහිපත් කරමින් තානාපති තුමන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් මම සුබපැතුම් එක් කරන බවයි.