Monday, December 23, 2024

General line - 0115112241

ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවේ ජීවිත 02 ක් බිළි ගනියි




මේ වන විට ඉන්දියාවට බලපා ඇති ෆෙන්ගල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. 

එසේම ස්වයංක්‍රීය යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ සංක්‍රමණික පුද්ගලයෙක් චෙන්නායි ප්‍රදේශයේ දී විදුලි සැර වැදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.  

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සුළි කුණාටුව හේතුවෙන් තමිල්නාඩුවට අධික වැසි ඇති විය හැකි බවයි. 

සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 85 දක්වා වර්ධනය විය හැකි බව සඳහන්. 

කෙසේවෙතත් ෆෙන්ගල් සුළි කුණාටුව ඉදිරි පැය හයක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වනු ඇති බවයි වාර්තා වන්නේ. 

වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ධීවරයන්ට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

මේ අතර චෙන්නායි ගුවන් තොටුපලේ කොටසක් ජලයෙන් යට වී ඇති  අතර ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. 

ඉන්දීය හමුදාව විසින් පුදුචෙරි ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයින් 100 කට අධික පිරිසක් ඉවත් කර ඇති බව සඳහන්.