Monday, December 23, 2024

General line - 0115112241

පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතා තරගාවලියේ දී පදක්කම් 14 ක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායකට

කටුනායක ටී.කේ.ජී.කපිල




දකුණු අප්‍රිකාවේ පැවති  11 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතා තරගාවලියේ දී , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනේ.

දකුණු අප්‍රිකාවේ පැවති  11 වන පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතා තරගාවලියේ දී  රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 14 ක් දිනා ගෙන තිබෙනවා.

මෙම තරගාවලිය ඉකුත්  මස 27 දින සිට මෙම මස 02 දින දක්වා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති අතර පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 23 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී තිබුන අතර  මෙම පදක්කම් ජයග්‍රහණය කිරීමත් සමග මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව 06 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .

ඉකුත් 2019 වසරේ මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකි වී තිබුණේ ලෝකඩ පදක්කම් 02 ක් පමණයි. .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කරාටේ සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ඔවුන්ගේ දෙමාපියන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරුභවතුන් සහ සහෝදර සිසුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.