Monday, December 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ගෞරවය රැක ගනී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. 

ඊයේ දිනයේදී තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 242ක් ලබා ගෙන සිටියා. 

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම  වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 89ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක් ලබා ගත්තා. 

සිය පළමු ඉනිම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 358ක් පමණයි. 

රයන් රිකෙල්ටන් සහ කයිල් වෙරයින් දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ශතක වාර්තා කළා. 

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 79ට කඩුලු 04ක් බිඳ හෙළුවා. අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 03යි.