Monday, December 23, 2024

General line - 0115112241

දකුණු කොරියානු ජනාධිපති ජාතිය අමතා සමාව ගනී




දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් ජාතිය අමතා සමාව අයැද තිබෙනවා. 

 ඒ යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් 

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට  දෝෂාභියෝගය සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර ජාතිය ඇමතීය
ඇමතීම සිදු කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

දින හතරකට පෙර රට දේශපාලන අවුලකට ඇද දැමීමෙන් පසු ඔහු මහජනතාව ඉදිරියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වනවා ..

තමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත් වූ ජනතාවගෙන් අවංකවම සමාව අයදින බවත් ධුර කාලය පිළිබඳ ප්‍රශ්නය ඇතුළුව අනාගතයේදී දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීමට පියවර ගැනීම තමා නියෝජනය කරන පක්ෂයට භාර කරන බවද ජාතිය අමතමින් සඳහන් කර සිටියා.

තවද යුද නීතිය නැවත ක්‍රියාත්මක වන බවට කටකතා පැතිර යන බවත් දෙවන යුධ නීතිය වැනි දෙයක් ක්‍රියාත්මක නොවන බවත්  එමෙන්ම තවදුරටත් එවැනි නියෝග සිදු නොකරන බව ද ඔහු සඳහන් කර සිටියා 

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු කළ ප්‍රකාශයෙන් පසුව ජාතික සභාවේදී ඊට විරෝධය පළවූ අතර යුද නීතිය ඉවත් කිරීමට අනුමැතිය ලබා ගැනීමට ඡන්ද විමසීමක් ද පැවැත්වුණා.

එමෙන්ම ජනාධිපතිවරයා පිළිබඳ දෝෂාභියෝගයක් ද ඉදිරිපත් වූ අතර අද එය විවාදයට ගැනෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට  ප්‍රතිචාර ලෙස, ඔහුගේ පාලක මහජන බලය පක්ෂයේ නායකයා පැවසුවේ යූන්ට ඔහුගේ සාමාන්‍ය රාජකාරිය කරගෙන යාමට නොහැකි වනු ඇති බවයි.