Monday, December 23, 2024

General line - 0115112241

ආගමික වතාවත් කල තායිවාන ජාතිකයින් තිදෙනෙකු චීනයේදී අත්අඩංගුවට




I-Kuan Tao අධ්‍යාත්මික ව්‍යාපාරයට සම්බන්ධ ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චීනයේ ගුවැන්ඩොන් පළාත් බලධාරීන් විසින් තායිවාන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි තායිවානය චෝදනා කරනවා.

මෙම ව්‍යාපාරය චීන කොමියුනිස්ට් පක්ෂය විසින් තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වයස අවුරුදු 70 කාණ්ඩයේ පසුවන I-Kuan Tao අනුගාමිකයින් තිදෙනා, පෞද්ගලික නිවසක ශුද්ධ ලියවිලි කියවීමේ රැස්වීමක් වැටලීමකදී අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

I-Kuan Tao නොහොත් Consistent Way යනු 19 වන සියවසේ අග භාගයේ ආරම්භ වූ සහ දෙවන ලෝක යුද්ධයේ ජපන් ආක්‍රමණයේ දී සැලකිය යුතු ජනප්‍රියත්වයක් ලබා ගත් චීන ආගමික ව්‍යාපාරයකි.

1949 දී චීන කොමියුනිස්ට් පක්ෂය එය "නීති විරෝධී රහස් සමාජයක් සහ මිථ්‍යාදෘෂ්ටික සංස්කෘතියක්" ලෙස නම් කරනු ලැබුවා.