Monday, December 23, 2024

General line - 0115112241

පකිස්තානයේ ව්‍යාපාරිකයින් අතුරුදන් - හමුදාවට චෝදනා




පාකිස්තාන ආරක්ෂක අංශ විසින් එරට බලෝකිස්තානයේ පන්ජ්ගුර් දිස්ත්‍රික්කයේදී ඉන්ධන ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

ඩේරා බුග්ටි හි පටෝක් ගම්මානයේ සියා ආෆ් ප්‍රදේශයේ වැටලීමකදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි බලෝකිස්තාන් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේ. 

වැටලීමේදී ආරක්ෂක අංශ එම ව්‍යාපාරිකයින්ගේ දේපළ කොල්ලකෑමට හා හානි කිරීමටද කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා.

එවැනිම සිදුවීමකදී, සුයි හි ගරානි අසල්වැසි ප්‍රදේශයේ වැටලීමකදී ආරක්ෂක නිලධාරීන් තවත් ව්‍යාපාරිකයෙක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

මෙම ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් සිද්ධිය හෙළා දකින අතර මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා සිටින්නේ මැදිහත් වී ඔහුව නිදහස් කර ගැනීමට සහාය වන ලෙසයි.