ඉන්දියාවේ මුම්බායිහි කුර්ලා ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූවන් සියෝන් හා කුර්ලා බාබා රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. රජයට අයත් බස් රථයක් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කුර්ලා දුම්රිය ස්ථානයේ සිට අන්ධේරි දක්වා ධාවනය වෙමින් තිබියදී බස් රථය අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම අනතුරට හේතුව වන්නට ඇතැයි එරට බලධාරින් සැක පළ කරනවා.