Monday, December 23, 2024

General line - 0115112241

ඉන්දියාවේ විදේශ ලේකම් සහ බංග්ලාදේශයේ සංචාරයක




ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි බංග්ලාදේශයේ සංචාරක නිරත වී සිටිනවා.

ඒ අනුව ඩකාහිදී බංග්ලාදේශ නායකයින් සහ නිලධාරීන් සමඟ හින්දුවරුන් ඇතුළු සුළු ජාතීන්ට එරෙහිව එල්ල වන ප්‍රහාර පිළිබඳ ඔහු සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මිස්රි පැවසුවේ ඉන්දියාව බංග්ලාදේශය සමඟ ධනාත්මක, නිර්මාණාත්මක සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් අපේක්ෂා කරන බවයි.

බංග්ලාදේශ අධිකාරියේ අන්තර්වාර රජය සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දියාවට කැමැත්තෙන් පසුවන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

"අපි මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කළ අතර සුළු ජාතීන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධ අපගේ ගැටළු ද මම ඉදිරිපත් කළා. සංස්කෘතික හා ආගමික දේපලවලට පහර දීමේ කනගාටුදායක සිදුවීම් ද අපි සාකච්ඡා කළා," යනුවෙන් මිස්රි වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියාවට සහ බංග්ලාදේශයට අවස්ථාව හිමිව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම සංචාරය අතරතුරදී ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, බංග්ලාදේශ විදේශ ලේකම් ජාෂිම් උද්දීන් සහ බංග්ලාදේශයේ විදේශ උපදේශක එම්ඩී ටූහිඩ් හොසේන් ද හමුවුණා.