ලොව පුරා රටවල් රැසක වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
එහි වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යුරෝපය, ආසියාව, දකුණු අමෙරිකානු කලාපවලට සහ ඕස්ටේ්රලියාව, බි්රතාන්යය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවලටයි.
ෆේස්බුක් බිඳවැටීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 22,000කට අධිකයි.
වට්ස්ඇප් සහ ඉන්ටග්රෑම් බිඳවැටීම සම්බන්ධයෙන් පැමිණිලි 18,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණා.
මෙම බිඳවැටීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
කෙසේවෙතත් මෙටා සමාගම දැන් නිවේදනය කර ඇත්තේ වට්ස්ඇප් සහ ඉන්ටග්රෑම් බිඳවැටීම මේ වන විට සියයට 99ක් යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
ෆේස් බුක් යථා තත්ත්වයට පත් කර ඇත්දැයි මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නැහැ.
වට්ස්ඇප්, ඉන්ටග්රෑම් සහ ෆේස්බුක් බිඳවැටීම සම්බන්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවගෙන් මෙටා සමාගම සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මීට පෙරද 2021 දී මෙටා සමාගම සතු ජංගම දුරකතන යෙදවුම් මෙලෙස ලොව පුරා බිඳ වැටුණු අතර එහිදීද එම සමාගම ජනතාවගෙන් සමාව අයැද සිටියා.
එම අවස්ථාවේදී වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මෙන්ම මැසෙන්ජර් යන යෙදවුම් පැය හයකට ආසන්න කාලයක් අක්‍රිය වුණා.