Monday, December 23, 2024

General line - 0115112241

චින සමාගම් දෙකකට අමෙරිකාවෙන් වෙළඳ සීමා




මානව හිමිකම් කඩකිරීම් චෝදනා මත චීන සමාගම් දෙකක් සහ රුසියානු සමාගම් 06 ක් ඇතුළු සමාගම් අටක් මත අමෙරිකාව වෙළඳ සීමාවන් පනවා තිබෙනවා.

එලෙස හඳුනාගෙන ඇති චීනය පදනම් කරගත් සමාගම්වලට Zhejiang Uniview Technologies ඇතුළත් වන අතර, Uyghurs සහ අනෙකුත් වාර්ගික සහ ආගමික සුළුතර කණ්ඩායම් නිරීක්ෂණය කිරීම වැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ප්‍රතිචාර වශයෙන් එම සීමා පැනවූ බවයි අමෙරිකානු බලධාරීන් චෝදනා කරන්නේ.

අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද අනෙක් සමාගම වූයේ Beijing Zhongdun Security Technology Group වන අතර එම සමාගම මගින් මහජන ආරක්ෂක බලධාරීන්ට අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩ සලසන නිෂ්පාදන සංවර්ධනය කර අලෙවි කරන බවට අමෙරිකාව චෝදනා කරනවා.

"මානව හිමිකම් උල්ලංඝනය කිරීම් එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති අවශ්‍යතාවලට පටහැනියි" යනුවෙන් කර්මාන්ත සහ ආරක්ෂාව පිළිබඳ වාණිජ කටයුතු පිළිබඳ උප ලේකම් ඇලන් එස්ටෙවේස් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.