Monday, December 23, 2024

General line - 0115112241

තායිවානය හමුදාව සීරුවෙන් තබයි




චීනයේ හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ප්‍රතිචාර වශයෙන් තායිවාන හමුදාව හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවා එහි අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නංවා තිබෙනවා.

චීනය මෙම සතිය තුළදී තායිවානය, දකුණු ජපන් දූපත් සහ නැගෙනහිර සහ දකුණු චීන මුහුද ආශ්‍රිත මුහුදේ ඔවුන්ගේ නාවික සහ වෙරළාරක්ෂක නෞකා 90කට ආසන්න ප්‍රමාණයක් ස්ථාන ගත කර ඇති බවයි තායිවාන හමුදාව පවසන්නේ.

මීට අමතරව, චීන ගුවන් යානා හයක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගොස් තායිවානයේ උතුරු, නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) ඇතුළු වූ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

මහජන විමුක්ති හමුදාව විසින් Zhejiang සහ Fujian පළාත්වලට නැගෙනහිරින් වෙන් කර ඇති ගුවන් කලාප 7ක් ද නම් කර ඇති බවයි තායිවානය චෝදනා කළේ.

චීන මහජන විමුක්ති හමුදාවේ ප්‍රගතියට ප්‍රතිචාර වශයෙන්, තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය හමුදා අභ්‍යාස ආරම්භ කර ඇති අතර, ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද පැවසුවා.