ග්‍රාමීය වශයෙන් පවතින ගැටළු විසදීම සදහා අදාළ පොලිස් ස්ථානවලට සුදුසු ස්ථානාධිපතිවරුන් පත්කිරීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ අනුව දරුවන් සහ ජනතාවට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.
පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට මේ වනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.