Sunday, December 29, 2024

General line - 0115112241

ආචාර්ය මන්මෝහන් සිං දැයෙන් සමුගනී - දින හතක රාජ්‍ය ශෝක කාලයක්




ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අවමංගල්‍ය උත්සවය නවදිල්ලි නුවර නිගම්බෝද් ගාට්හිදී අද පැවැත් වුනා 

දේහය පිළිබඳ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව දිල්ලියේ නිගම්බෝද් ගාට් ආදාහනාගාරයෙදී.පැවැත් විය.

අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිංගේගේ දේහය ප්‍රථමයෙන් ජාතික අගනුවර පිහිටි කොන්ග්‍රස් මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබුනා.

මන්මෝහන්සිං මහතාගේ දේහය පෙරහැරකින් රැගෙන ගිය අතර දේශයට අවසන් ගෞරව දැක්වීමට මග දෙපස අතිවිශාල පිරිසක් රැස්ව සිටියා 

පසුව දිල්ලියේ නිගම්බෝද් ගාට් ආදාහනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී අවසන් කටයුතු සිදු කරන ලදී. 

ජනාධිපති ද්‍රෞපදි මුර්මු, උප ජනාධිපති ජග්දීප් දන්කාර්, අගමැති නරේන්ද්‍ර මෝදි, භූතාන අගමැති ෂෙරිං ටොබ්ගේ, මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ, සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි, ඇතුළු 
පිරිසක් උත්සවයට සහභාගි විය.

ආචාර්ය සිංට ගෞරව කිරීමක් ලෙස දින හතක රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර  තිබෙනවා

එම ශෝක කාලයේ දී රජයේ ප්‍රධාන උත්සව මෙන්ම විනෝදාත්මක වැඩසටහන් පැවැත්වීම අවලංගු කර තිබේ. 

ඉන්දීය රජය විසින් රට පුරා රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර ඇති අතර එසේ කරන ලෙස විදෙස් රටවල පිහිටි සියලු ඉන්දීය තානාපති කාර්යාල වෙත දැනුම් දී තිබෙනවා .

ඔහුගේ අභාවය නිමිත්තෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඉදිරි දින හත තුළ පක්ෂයේ සියලු වැඩසටහන් හා උත්සව අවලංගු කර ඇති බව නිවේදනය කර තිබේ.

ඉන්දියාවෙන් බිහි වූ ප්‍රථම සික් ජාතික අගමැතිවරයා මෙන්ම ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරුතුමාගෙන් පසු පිට පිට දෙවරක් ඉන්දියාවේ අගමැති ධුරයට පත් තැනැත්තා ද වනවා  

ආචාර්ය සිං 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන පන්ජාබ් ප්‍රාන්තයේ බටහිර කලාපයේ පිහිටි ගා ප්‍රදේශයේ උපත ලබා තිබෙනවා.

පන්ජාබ් ප්‍රාන්තයේ සික් ජාතික ව්‍යාපාරික පවුලක උපත ලබා ඇති ඔහු සිය මූලික අධ්‍යාපනයෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි චන්දිගාර් විශ්වවිද්‍යාලයට ඇතුළු විය. 

අනතුරුව එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් ද වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ. ඔහු සිය ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි.

ඉන්දියාවේ අගමැති ධුරය දෙවරක් දැරූ ආචාර්ය මන් මොහාන් සිං එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ සිවුවැන්නාය. 

වත්මන් ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණවල නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ද ඔහුය. අගමැති ධුරය දැරීමෙන් පසු ඔහු ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබෙනවා. 

වසර 33ක සේවා කාලයකින් අනතුරුව ඔහු රාජ්‍ය සභාවෙන් මෙම වසර මුලදී විශ්‍රාම ලැබීය.