අධික වර්ෂාපතනය සමග ඇල්ල වැල්ලවාය මාර්ගයට විශාල ගස් කඩා කිහිපයක් කඩා වැටී අවහිර වී තිබූ මාර්ගය ගමනාගමනයට යලි විවෘත කර තිබෙනවා.
වැල්ලවාය සහ ඇල්ල ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට නවයේ කණුවත් දහයේ කණුවත් අතර දී විශාල ගස් කිහිපයක් කඩා වැටී ඊයේ පස්වරුවේ දී ගමනාගමනයට බධා එල්ල විය.
එම ගස් කඩා වැටීම නිසා විදුලි රැහැන් කණු සහ දුරකථන රැහැන් කණු කිහිපයක් ම කඩා වැටී තිබූ අතර එම නිසා ප්‍රදේශයේ විදුලි සැපයුම ද විසන්ධි වී තිබුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
කඩා වැටුණු ගස් ඉවත් කර ඊයේ රාත්‍රි වන විට මාර්ගයේ ගමනාගමනය යතාතත්වයට පත් කල ඇති අතර නමුත් ප්‍රදේශයේ විදුලි සැපයුමට තවදුරටත් බධා එල්ල වී තිබෙනවා.