සිය ආණ්ඩුවේ කිසියම් අයෙකු ජන වරමට පටහැනිව කටයුතු කරන්නේ නම් තරාතිරම නොබලා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ බලාපොරොත්තු කිසිවිටෙකත් කඩ නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර කුමන තරාතිරමක කෙනෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊයේ පැවසුවා.
ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි කතාබහක් මතු වුණා.
ඒ, අශෝක රංවල මහතා කතානායක ධුරය දැරීම සම්බන්ධයෙන්.
ඔහු සිය නමට ඉදිරියෙන් ව්‍යාජ ලෙස ආචාර්ය නාමය යොදා ගෙන ඇති බවට බොහෝ පාර්ශව චෝදනා කළා.
එම චෝදනා එල්ල වීමත් සමග අශෝක රංවල මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කරන බවයි.
එවන් පසුබිමක් තුළ අශෝක රංවල මහතා ඊයේ දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය අත්‍යවශ්‍ය සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බවයි.
ඒවා අදාළ ආයතනයෙන් ලබා ගැනීමට සිදුව ඇති බැවින් මේ මොහොතේ කඩිනමින් එය ඉදිරිපත් කිරීම දුෂ්කර බවද ඔහු කියා සිටියා.
අදාළ ලියකියවිලි එම ආයතනයෙන් ලබා ගෙන කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අශෝක රංවල මහතා නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ.
කෙසේවෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.
ආණ්ඩුවත් ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බව අශෝක රංවල මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.