ලබන ජනවාරි මාසයේදී අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට පෙර දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කරන ලෙස රාජා ක්‍රිෂ්ණමූර්ති ඇතුළු අමෙරිකාවේ බලගතු නීති සම්පාදකයින් දෙදෙනෙකු ගූගල් සහ ඇපල් සමාගම්වලින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද පනතක් අප්‍රේල් මාසයේදී නීතියක් බවට පත්වීමත් සමග TikTok හිමිකාරීත්වය දරණ චීනය පදනම් කරගත් ByteDance සමාගම එළඹෙන ජනවාරි 19 වන විට අමෙරිකාව තුළ තහනමකට මුහුණ දෙනු ඇති.
ඉන් වැළකිම සඳහා චීන සමාගමට ලැබී ඇති අවස්ථාව වන්නේ අමෙරිකාව තුළ සිටින චීන ජාතිකයෙකු නොවන අයෙකුට එය පැවරීමයි.
කෙසේවෙතත් අදාළ තහනම නැවත සලකා බලන ලෙස ByteDance සමාගම කළ ඉල්ලීමක් ද ඉකුත් බ්‍රහස්පතින්දා අමෙරිකානු අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.