ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය මෙරටට ලබා දෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා පවසනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති හමුවකදි.
ඒ අනුව ආහාර සුරක්ෂිතාවය, වෛද්‍ය විද්‍යා පර්යේෂණ, සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි ඔහු පවසා සිටියේ.
මෙහිදි නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා නව රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කිරීමට සැලසුම් කර ඇති කාර්ය භාරයට සිය සුබ පැතුම් පිරිනමනු ලැබු අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් මෙන්ම දියුණු ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට එම කටයුතු ඉමහත් පිටුවහලක් වනු ඇතැයි ද පැවසීය.
එමෙන්ම නවසීලන්තයේ අඛණ්ඩ සහාය ඉදිරියටත් මෙරටට ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව තුල නවසීලන්ත ආයෝජන සදහා ඇති අවස්ථා මෙන්ම වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සිය සහාය අඛණ්ඩව ලබාදෙන බව ද නවසිලන්ත මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව තුල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩා ශක්තිමත් කිරිමට ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කරන බව සදහන් කර තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුලු මානව සම්පත වර්ධනය කිරිමට ද සැලසුම් සකස්කරමින් සිටින බවද පැවසීය.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආහාර සුරක්ෂිතතා සහයෝගීතා ක්‍රියාකාරකම් සදහා නවසීලන්තය දක්වන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය සදහා මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ සේවාවන් අදාළ කරගැනීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙනවා.