කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ඝණයේ සැකකරුවෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු සන්තකයේ තිබී මාංචු යතුරක් සොයාගෙන තිබෙනවා.
ඒ, බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික බලකා නිලධාරීන් විසින් එම පුද්ගලයා සෝදිසි කළ අවස්ථාවේදීයි.
ඔහුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් එම මාංචු යතුර සඟවා තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම පුද්ගලයා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇත්තේ තවත් කාන්තාවක් ද සමඟයි.
මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කර ඇති එම සැකකරු මහනුවර, නුගවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් මේ වන විට කොල්ලුපිටිය ප්රදේශයේ පදිංචි බවටයි අනාවරණ වී ඇත්තේ.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල පාතාල කල්ලි නායකයෙකු වන මිදිගම රුවන් නැමැත්තා ඊයේ දිනයේ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඒ, නඩුවකට අදාළව ඔහු ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහායි.
ඒ අනුව අදාළ මාංචු යතුර ඔහුට ලබාදීමට රැගෙන එන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.