රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර රියදුරා යළිත් ජනවාරි 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි හැටන් මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා එහිදී නියෝග කළේ.
අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර්රථ පරික්ෂකවරයා සහ හැටන් පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඒ අනුව හැටන් පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.