Monday, December 23, 2024

General line - 0115112241

විරෝධතා හේතුවෙන් පකිස්තානයේ ජනජීවිතයට දැඩි බලපෑම්




ඉකුත් සති අන්තයේ පකිස්තානයේ ප්‍රධාන නගරයක් වන කරච්චි හි විරෝධතා මාලාවක් සංවිධාන කර තිබුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතා හමුවේ කරච්චි නුවර ප්‍රධාන මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් පැවැති බැවින් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ බවයි.

එලෙස දැඩි රථවාහන තදබදයේ සිරවී සිටින මෝටර් රථ රියදුරන් පවසන්නේ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලිවලට සවන් දීමට සහ ජනතාවගේ දැඩි ගැටලුවලට විසඳුම් සෙවීමට කිසිදු රජයේ බලධාරියෙකු නොපැමිණි බවයි.

තොරතුරුවලට අනුව, ජාතික අධිවේගී මාර්ගයේ ටවුන්ෂිප් චෝක් අසල දැවැන්ත විරෝධතාවක් ඇති වූ අතර, ඒ හේතුවෙන් පැය ගණනාවක් ගමනාගමනය නතර වූ අතර මාර්ගය දෙපස දිගු වාහන පෝලිම් නිර්මාණය වී තිබුණා.

මීට දින කිහිපයකට පෙර බසාර් ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පුරවැසියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාව පැවැත්වුණු බවයි වාර්තා වුණේ.