Wednesday, December 25, 2024

General line - 0115112241

පොල් සම්බෝලය සහිත බතට අත් වූ ඉරණම සජබය පෙන්වා දෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්




සහල් පාලන මිල ඉක්මවා අලෙවි කිරීමට අදාලව වැටලීම් 342 ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ පසුගිය 17 වනදා සිට අද දින දක්වා කාලය තුළ එම වැටලීම් සිදුකර ඇති බවයි. 

ඒ අනුව වැටලීම් 06 කට අදාළව රුපියල් ලක්ෂ 07 ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට අධිකරණ තීන්දු කර තිබෙනවා. 

එමෙන්ම අනෙකුත් වැටලීම් සඳහා ද මේ වනවිට නඩු පවරා අධිකරණමය තීන්දු ගනිමින් සිටින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හාල්, පොල් සහ එළවළු මිල සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා.

 එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ හාල් සහ පොල් මිලදී ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව පෝලිම් නිර්මාණය කර ඇති බවයි.

සාමාන්‍ය ජනතාව ආහාරයට ගත් පොල් සම්බල් සමඟ බත ද ආණ්ඩුව විසින් සුඛෝපභෝගී ආහාර වේලක් බවට පත්කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.