ඉන්දියාවේ සියලු මැතිවරණ එකවර පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඉන්දීය නීති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඊට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළා.
එහෙත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය දේශපාලනයේ පවතින්නේ විවාදාත්මක තත්ත්වයක්.
මේ වන විට ඉන්දියාව තුළ මහමැතිවරණය, ප්‍රාන්ත මැතිවරණය, ග්‍රාමීය සහ නගර සභා මැතිවරණය පැවැත්වෙනවා.
එහෙත් මේ වන විට ඒවා පැවැත්වෙන්නේ විවිධ අවස්ථාවලයි.
නව යෝජනාව මගින් සඳහන් කර ඇත්තේ ෆෙඩරල් සහ ප්‍රාන්ත මැතිවරණ සියල්ල වසර 05කට වරක් එකවර පැවැත්වීමටයි.
මෙමගින් අතිවිශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වනු ඇති බවයි ඉන්දීය රජය පවසන්නේ. එහෙත් මෙලෙස මැතිවරණ එකවර පැවැත්වීම මගින් ඉන්දියාවේ ෆෙඩරල් ව්‍යුහයට බලපෑම් එල්ල විය හැකි බවත් ප්‍රාන්තවල ස්වාධීනත්වය දුර්වල විය හැකි බවත් විපක්ෂය ඇතුළු ඇතැම් පාර්ශව චෝදනා කරනවා.
ඉන්දියාව යනු ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය වන අතර වැඩිම පිරිසක් එකවර ඡන්දය භාවිත කරන රට ද වනවා.
මැතිවරණයකදී ඉන්දීය ජාතිකයින් බිලියනයක් සාමාන්‍යයෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබනවා.
එරට මහමැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 600ක් පමණ වැයවන අතර ප්‍රාන්ත මැතිවරණයක් වෙනුවෙන් වැයකරන මුදල බිලියන 45ක්. ලොව මැතිවරණයක් වෙනුවෙන් වැය කරන වැඩිම මුදලද මෙයයි.