චිත්‍රපට නිෂ්පාදනයේදී අරාබි රටවල් සහ ඉන්දියාව අතර සහයෝගීතාවයට විශාල අවස්ථාවක් පවතින බව බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා ජෝනාස් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ සෞදි අරාබියේ ජෙඩා හි පැවති 4 වැනි Red Sea International Film Festival හි ‘ගෞරව සම්මානය’ ලබා ගනිමින්.
මෙම සම්මානය ඇයට පිරිනමා ඇත්තේ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි සාරා ජෙසිකා පාකර් විසින්.
ප්‍රියංකා ඒ සඳහා සිය සැමියා වන නික් ජෝනාස් සමඟින් පැමිණි අතර ඔවුන් දෙදෙනාම රතු පලස මත ඇවිද යන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මෙම අවස්ථාවේදී ප්‍රියංකා චොප්රාගේ චිත්‍රපට ගමන පිළිබඳ කෙටි චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.
සම්මානය හිමිකර ගැනීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා පැවසුවේ Red Sea International Film Festival යනු සිනමා සහෝදරත්වයේ නව නිවහන බවට පත්වෙමින් පවතින බවයි.
ප්‍රියංකා පැවසුවේ තම නිෂ්පාදන ආයතනය වෙනුවෙන් චිත්‍රපට සම-නිෂ්පාදනය කිරීමේ සැලසුම් ළඟදීම ප්‍රකාශයට පත් කරන බවයි