රඹුක්කන දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අද සවස පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
කොළඹ කොටුව සිට (පස්වරු 4.40) රඹුක්කන බලා ධාවනය වූ මෙම කාර්යාල දුම්රිය ගමනාන්තය අවසන් කොට අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද සවස පිලී පැනීමකට ලක් වූ බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටියේ
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ මහනුවර හා බදුල්ල බලා ධාවනය වන දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ