Monday, December 23, 2024

General line - 0115112241

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය අද මැදියම් රැයෙන් අවසන් - සහල් මෙට්‍රික් ටොන් 35,000ක් මේ දක්වා දිවයිනට




සහල් ආනයනය සඳහා රජය විසින් ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. 

මේ දක්වා කාලය තුළ කොළඹ වරායට ලැබුණු වැඩිම සහල් තොග ඊයේ දිනයේදී ලැබී තිබෙනවා. 

ඒ අනුව ඊයේ දිනය වන විට සහල් මෙට්‍රික් ටොන් 35,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.