Monday, December 23, 2024

General line - 0115112241

සහල් ආනයනයට ලබා දුන් කාලය දීර්ඝ කෙරේ




සහල් ආනයනය සඳහා රජය විසින් ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. 

ඒ අනුව එම කාලය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කරන බවයි වෙළඳ අමාත්‍යංශය පැවසුවේ. 

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණා. 

සහල් මෙට්‍රික් ටොන් 35,000කට අධික ප්‍රමාණයක් ඒ අනුව ඊයේ දිනය වන විට මෙරටට ගෙන්වා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.