Monday, December 23, 2024

General line - 0115112241

ජීවිත ආරක්‍ෂාවට දුන් ගිනි අවි භාර නොදෙන සිවිල් පුරවැසියන්ට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් රතු එළි




ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. 

ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම සඳහා සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් නොවැම්බර් 21 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නා. 

කෙසේවෙතත් පසුව එම දිනය 2024 දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කළ බවයි ආරක්‍ෂක ලේකම් එච් එස් එස් තුයියකොන්තා මහතා පැවසුවේ.

 

මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කළ යුතු බවයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.