යාල ජාතික උද්‍යානයට යාබද සංරක්‍ෂණ ප්‍රේරක කලාපයක් වන ගල්ආර ප්‍රදේශයේ වනාන්තර කොටසක් එළි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහාරාම අධිකරණය වෙත කරුණු වාර්තා කරන බව අඩවි වන කාර්යාලය පවසනවා.
එම වනාන්තර ප්‍රදේශයේ කොටසක කොහොඹ සහ බුරුත ගස් රැසක් කපා දමා ඇතැයි තිස්සමහාරාම අඩවි වන කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් කොටසක් අදාළ ප්‍රදේශයට ගොස් සොයා බැලීමක් සිදු කළා.
එහිදී අනාවරණ වී ඇත්තේ කොහොඹ ගස් 120ක් සහ බුරුත ගස් 04ක් පමණ කපා දමා ඇති බවයි.
කෙසේවෙතත් එම ස්ථානයට යන විට ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු නොසිටි බවයි තිස්සමහාරාම අඩවි වන කාර්යාලය සඳහන් කළේ.
අදාළ ඉඩම, වන වගාවක් සඳහා මීට පෙර අඩවි වන කාර්යාලය විසින් පුද්ගලයෙකුට ලබා දී තිබෙනවා.
කපා දමා තිබූ ගස් සිය භාරයට ගත් බවයි තිස්සමහාරාම අඩවි වන කාර්යාලය සඳහන් කළේ.
ඒවා සහ සිද්ධියට අදාළ සියලු තොරතුරු පිළිබඳ තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කරන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.