Monday, December 23, 2024

General line - 0115112241

තරඟ පාවාදීමේ සිද්ධියට රිමාන්ඩ් කර සිටි ඉන්දීය ජාතිකයාට ඇප

උදය කුමාර




මහනුවර, පල්ලේකැළේ පැවති ලංකා ටී 10 ක්‍රිකට් තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ, එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. 

එහිදී සැකකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නැමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියා. 

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කළේ මෙම සැකකරු ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි වන ආකාරයේ සුදුසු නියෝගයක් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලෙසයි. 

ඒ අනුව අදාළ සැකකරු කොන්දේසි මත ඇප මත මුද හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.