එට්කා ගිවිසුමට පසුගිය කාලයේ එරෙහි වූ ජාතික ජන බලවේගය වර්තමානයේ සිය තීරණය හකුලාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඒ අනුව වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග මේ වන විට සහයෝගයෙන් කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ඉන්දියාව සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය රටට ඉතා වාසිදායක බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා.