Monday, December 23, 2024

General line - 0115112241

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට විශේෂ මහ සභා රැස්වීමේදී අනුමැතිය




ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබෙනවා. 

ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩුකිරීමට එලෙස අනුමැතිය හිමිවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

ඡන්ද අයිතිය තීරණය කෙරෙන්නේ එක් එක් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අනුවයි. 

ඒ අනුව එම ක්‍රිකට් සමාජයකට හෝ සංගමයකට එක් ඡන්දය බැගින් හිමිවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය සඳහා විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මීට පෙර පත් කෙරුණා. 

එම කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබුණේ 2024 ජූනි මාසයේදීයි.

ඡන්ද අයිතිය හිමිවිය යුතු ක්‍රිකට් සමාජ සම්බන්ධයෙන් ද එහි නිර්දේශ ඇතුළත්ව තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහාද අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී එහි සාමාජිකයින් එකඟ වූ බවයි එම ආයතනය සඳහන් කළේ.